Local

ඩෙංගු සහ කොවිඩ් එකවර ආසාදනය වූ රෝගියෙකු පළමුවරට මෙරටින් හමුවෙයි

(RIVIRA.LK/Breaking, 2020 November 08, 01.42P.M.)

ඩෙංගු සහ කොවිඩ්-19 වෛරසය යන රෝග දෙකම ආසාදනය වූ රෝගියෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව රෝහලෙනි.

29 හැවිරිදි අදාළ රෝගියා තද උණ රෝගී තත්වයක් සමග මීගමුව රෝහලට ඇතුළත් වී තිබෙනවා. එහිදී ඔහුට තිබූ රෝග ලක්ෂණ අනුව ප්‍රථමයෙන් ඩෙංගු රෝගය සඳහා වන ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ඇති අතර පසුව පීසීආර් පරීක්ෂණයකට ද ලක් කර තිබෙනවා.

මීගමුව රෝහලේ ඩෙංගු මධ්‍යස්ථානයේ ප්‍රධානී, වෛද්‍ය එල්. ප්‍රනාන්දු සඳහන් කළේ එම පරීක්ෂණවලට අදාළව ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව ඔහුට ඩෙංගු උණ වැළඳී ඇති බව තහවුරු වූ බවත්, පසුව ලැබුණු පීසීආර් ප්‍රතිඵලය අනුව ඔහුට කොවිඩ්-19 වෛරසය ද ආසාදනය වී ඇති බවත් තහවුරු වූ බවයි.

එම රෝගියාට මත්ස්‍ය වෙළෙඳපොලකින් කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවත්, ඩෙංගු රෝගී තත්වය බරපතල නොවන බැවින් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත එම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top