Local

මුව ආවරණ නොපැළදි ව්‍යාපාරිකයෙකු දින 14ක නිරෝධායනයට යොමු කෙරේ

(RIVIRA.LK/Breaking, 2020 November 08, 12.26P.M.)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මුව ආවරණයක් පැළඳීමෙන් තොරව ඇතුලු වූ ව්‍යාපාරිකයෙකු දින 14ක් නිරෝධායනයට ලක් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 07 දින නියෝග කර තිබෙනවා.

අදාළව ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන්ගේ උපදෙස් ද නොතකා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී නිරෝධායන රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදී  එම පුද්ගලයා සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top