Foreign

ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන කෝටි 05 පසු කරයි

(RIVIRA.LK/Breaking, 2020 November 08, 01.04P.M.)

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 හෙවත් කෝටි 05 සීමාව ඉක්මවා තිබෙනවා. නොවැම්බර් 08 පස්වරු 12.30 වනවිට එම ප්‍රමාණය 50,278,660ක් ලෙස සටහන් වේ.

එසේම වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ගණන 1,256,558ක් ලෙසත් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 35,556,538ක් ලෙසත් සටහන් වේ. ඒ අනුව ලොව පුරා තවමත් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 13,465,564ක් හෙවත් කෝටි 1.3ක් ලෙස දැක්වේ.

මේ වනවිට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් ඉක්මවන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන මිලියන 10 හෙවත් කෝටිය ඉක්මවා තිබෙනවා. දෙවන ස්ථානයේ සිටින ඉන්දියාවේ ආසාදිතයින් මිලියන 8.5කුත්, බ්‍රසීලයේ ආසාදිතයින් මිලියන 5.6කුත්, රුසියාවේ සහ ප්‍රංශයේ ආසාදිතයින් මිලියන 1.7කුත් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට ලැයිස්තුවේ ඉහළට පැමිණෙමින් සිටින අතර 105 වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඔක්තෝම්බර් 03 දිනය වනවිට ශ්‍රී ලංකාව පසු වූයේ කොරෝනා ආසාදිතයින් අවම රටවල් 60 අතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top