(RIVIRA.LK/Breaking, 2020 November 09, 05.18P.M.)
කොළඹ මැනිං වෙළඳපොල සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළඳපොල ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කරයි.
මැනිං වෙළඳපොල ආශ්‍රිතව සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුගේ සහ නාටාමි සේවකයින් කිහිපදෙනෙකුගේ සිදු කරන ලද පීසීආර් ප්‍රතිඵල අනුව නාටාමි සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, අනෙකුත් සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මෙලෙස නැවත දැනුම් දෙන තුරු මැනිං වෙළඳපොල සංකීර්ණය වසා දැමීමට තීරණය කළ බවයි මැනිං වෙළඳපොල ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
