(RIVIRA.LK/Breaking, 2020 November 09, 09.02P.M.)
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශය ලෙස නම් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කොලඹ දිස්ත්‍රික්කයේ, අඟුලාන පොලිස් බලප්‍රදේශයේ අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ දෙක ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වෙත ඇතුල් වීම හා ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර හදිසි සෞඛ්‍යමය තත්වයන් සඳහා රෝහල් වෙත යාමට පමණක් අවසර හිමිවෙයි.
