Local

හුදකලා කළ කුරුණෑගල හා කුලියාපිටියේ ග්‍රාමයන් කිහිපයක් හැර ඉතිරි ප්‍රදේශ නිදහස් කෙරේ

(RIVIRA.LK/Breaking, 2020 November 09, 05.46P.M.)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කුරුණෑගල නගර සභා බලප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හැර එහි අනෙකුත් ප්‍රදේශ හුදකලා කිරීමෙන් නිදහස් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ, කුරුණෑගල නාගරික සීමාවේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම, කඩවීදිය ග්‍රාම නිලධාරී වසම සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයේ ගලගෙදර, හම්මලව, ඉහළ කලුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පැවතෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top