(RIVIRA.LK/Breaking, 2020 Decmber 01, 2.12P.M.)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවේ සාමාජිකයෙකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ ඉවත් වී ඇති බව වාර්තා වේ. තමා වෙනුවට එම කමිටුව සඳහා වෙනත් අයෙකු පත් කරන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා ඇත.
තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් මාධ්‍ය සාකච්ඡාවන් සඳහා සහභාගි වීම එයට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ලිඛිතව අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා ඇත.
සම්බන්ධිත පුවත්
