Local

‘බුරවී’ සුළි කුණාටුවේ ගමන් මඟේ සුළු වෙනසක්

(RIVIRA.LK/Breaking, 2020 Decmber 02, 6.01 P.M.)

‘බුරවී’ සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට පෙර අනාවැකි පළ කර තිබුණේ මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවයි. නමුත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය “බ්‍රමණ චලිතයක්” ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top