(RIVIRA.LK/Breaking, 2020 Decmber 02, 2.55 P.M.)
ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ – එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් 19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, එම එන්නත අනුමත කරන ලද පළමු බටහිර රට වන්නේ බ්‍රිතාන්‍යයි.
බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් මෙම එන්නත මගින් සපයනු ලබන බවයි. ඒ අනුව ඉහළ ප්‍රමුඛතා සහිත කණ්ඩායම්වල පුද්ගලයින් සඳහා මෙම එන්නත ඉදිරි දින කිහිපය ඇතුලත දී ලබාදීමට පියවර ගැනෙනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් වාර්තා වේ.
බ්‍රිතාන්‍යය විසින් දැනටමත් මෙම එන්නතෙන් මිලියන 40 මාත්‍රාවක් ඇණවුම් කර ඇති අතර එය මිලියන 20 ක ජනතාවට එන්නත් කිරීමට ප්‍රමාණවත් වේ. එක් පුද්ගලයෙකු සඳහා එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාදීමට නියමිතය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලබන සතිය මුලදී එන්නත ලබා දීමට කටයුතු සූදානම් බවයි.”
