Local

ගම්පොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා

(RIVIRA.LK/Breaking, 2020 Decmber 08, 02.59 P.M.)

ගම්පොළ මූලික ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු පමණ නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා තම කාල සීමාව අවසන් කර ස්ථාන මාරුවක් ලබා වෙනත් රෝහලකට යාමට පෙර පසුගිය 04 වැනිදා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සාදයක් ද පැවැත්වීම හේතුවෙනි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ කරාපිටිය රෝහලේ අනුයුක්තව සිටි වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරයා තම බිරිඳ අවසන්වරට හමුවී ඇත්තේ නොවැම්බර් මස 21 වනදා වන අතර ඒ අනුව, අදාළ වෛද්‍යරයා ද පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ප්‍රතිකාර සිදුකිරීම් තාවකාලිකව සීමා කර තිබේ. එමෙන්ම රෝහලට ඇතුළත්කර සිටි ගැබිනි කාන්තාවන් වෙනත් රෝහල් වෙත මාරු කළ බව ද සෞඛ්‍ය අංශ සදහන් කළා. එමෙන්ම ප්‍රසව හා නාරි ඒකකය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව රෝහල් පරිපාලනය සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top