(RIVIRA.LK/Breaking, 2020 Decmber 08, 7.43 P.M.)
මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය දෙසැම්බර් 08 වැනි දින බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ දින 20ක් වයසැති බිළිඳෙක් වන අතර නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් බිළිඳා මියගොස් තිබෙනවා.
තොටළඟ ප්‍රදේශයේ පදිංචි එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 07 වන දින රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී එම බිළිඳා දැඩි ලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති අතර ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙනවා. පසුව එහි ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවයි.
කෙසේ වෙතත්, බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් -19 ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.
