Foreign

ෆයිසර් එන්නත පළමු වරට අනූ හැවිරිදි කාන්තාවකට එන්නත් කෙරේ

(RIVIRA.LK/Breaking, 2020 Decmber 08, 04.28 P.M.)

ඇමරිකාවේ නිපද වූ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත පළමු වරට සාමාන්‍ය භාවිතය දෙසැම්බර් 08 වැනි දින සිට ආරම්භ කෙරුණි. ඒ අනුව, සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ෆයිසර් බයෝ එන් ටෙක් එන්නත ලබා ගත් පළමු තැනැත්තා බවට උතුරු අයර්ලන්තයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක පත්වී තිබෙනවා.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 08 ක් ඉදිරි සති කිහිපයේදී රෝගීන් ඇතුලු අවදානම් කාණ්ඩ වෙත ලබා දීමට නියමිතයි.

ඒ අනුව පළමු අදියර යටතේ වයස අවුරුදු 80 ඉක්මවූ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එන්නත ලබාදෙන බව මහා බ්‍රිතාන්‍යය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙසැම්බර් මාසය අවසන් වනවිට මාත්‍රා ලක්ෂ 40 ක් ලබාදීමට බ්‍රිතාන්‍යය සැලසුම් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top