Foreign

ආසාත්මිකතා ඇති අය ෆයිසර් එන්නත ලබා නොගත යුතු බව කියයි

(RIVIRA.LK/Breaking, 2020 Decmber 10, 10.21 A.M.)

ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා නොගන්නැයි එහි නිශ්පාදකයෝ පවසයි.

එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනකුට ආසාත්මිකතාව ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මොවුන් දෙදෙනාටම ආසාත්මිකතාව සම්බන්ධ ඉතිහාසයක් ඇති අතර නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආසාත්මිකතාව ඇති අයට එන්නත ගැනීමෙන් පසු, රුධිර පීඩනය පහත වැටීම, හුස්ම හිරවීම හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළහැකි නමුත් ඒවා මාරාන්තික නොවන බව ඖෂධ නියාමන ඒජන්සිය පවසයි.

ඖෂධ නියාමන ඒජන්සියේ ප්‍රධානී ආචාර්ය ජූන් රේන් පවසන්නේ, නව එන්නක් ලබාදෙන අවස්ථාවක මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි ප්‍රතික්‍රියා ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top