Foreign

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කොවිඩ්-19 ආසාදනය වෙයි

(RIVIRA.LK/Breaking, 2020 December 17, 03.37 P.M.)

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.

දෙසැම්බර් 17 දින නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ “පළමු රෝග ලක්ෂණය පෙන්වීමේ දී ම” කොවිඩ්-19 පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බවයි.

එරට නීතිය අනුව ප්‍රංශ ජනාධිපතිවරයා දින 7 ක් හුදෙකලා වනු ඇති අතර දුරස්ථව සිය රාජකාරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top