Sports

ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කරයි

(RIVIRA.LK/Breaking, 2020 December 19, 01.00 P.M.)

ටෙස්ට් ඉනිමක දී ඉන්දියාව වාර්තා කළ අඩුම ලකුණු ප්‍රමාණය දෙසැම්බර් 19 වන දින ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ් හී දී වාර්තා කළා.

ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.

ඒ අනුව, 1974 දී එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව රැස්කල ලකුණු 42 ට පසුව වාර්තා කළ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස එය සටහන් විය.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් පන්දු ඕවර 5ක් යවා ලකුණු 08 කට කඩුලු 05ක් දවා ගනු ලැබීය. පැට් කමින්ස් ලකුණු 21 කට කඩුලු 04 ක් දවා ගනිමින් එක් ඉන්දීය පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කිරිමට අවස්ථාවක් ලබා නොදුන්නේ ය.

දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 90ක් පමණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top