(RIVIRA.LK/Breaking, 2020 December 19, 10.26 A.M.)
දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නම් කළ සංචිතයේ ක්‍රීඩකයින් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
කෙසේ වෙතත්, වෛරසය වැළඳී ඇත්තේ කා හට ද යන්න මෙතෙක් අනාවරණය කර නැහැ.
එමෙන්ම, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙත කැඳවා ඇති බව ද වාර්තා වෙයි. එම ක්‍රීඩකයින් වන්නේ, Raynard van Tonder, Lutho Sipamla සහ Dwaine Pretorius ය.
ශ්‍රී ලංකාවට හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 26 වන දින සෙන්චූරියන් හි දී ආරම්භ වීමට නියමිතයි. දෙසැම්බර් 19 වන දින රාත්‍රීයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව වෙත ළඟා වීමට නියමිත අතර පළමු පුහුණු තරඟය දෙසැම්බර් 20 වන දින පැවැත්විමට නියමිතයි.
