(RIVIRA.LK/Breaking, 2021 January 01, 06.26 P.M.)
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ප්‍රමාණය 36,000 ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන පරිදි මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ ප්‍රමාණය 36,155ක් වේ.
එමෙන්ම, ජනවාරි 01 වන දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
මේ වන විට, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 43,619ක් වේ. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7260කි. ජීවිතක්ෂයට පත් වූ ගණන 204ක් වේ.
