Business

6.25%ක සහන පොලිය යටතේ ලබා දෙන ණය යෝජනා ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

(RIVIRA.LK/Breaking, 2021 January 01, 11.45 A.M.)

2021 අයවැය යෝජනා මඟින් හඳුන්වා දුන් 6.25%ක පොලිය යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ට නිවාස මිලදි ගැනීම සඳහා වූ ණය යෝජනා ක්‍රමය 2021 ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වේ.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්‍රමවල නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිකුත් කෙරෙන උපරිම ණය මුදල රුපියල් කෝටියක් වන අතර ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් වේ.

විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුලු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව හිමි වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top