(RIVIRA.LK/Breaking, 2021 January 04, 06.09 P.M.)
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ජනවාරි 05 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ඔහු මෙරටට පැමිණෙන්නේ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිදු කරන ලද ආරාධනයකට අනුවය.
මෙම සංචාරය තුළ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
නව වසර ආරම්භයත් සමග මෙරට පැමිණෙන ප්‍රථම ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරය මෙය වන අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජෛව ආරක්ෂණ බුබුළක් ලෙස මෙම සංචාරය ක්‍රියාත්මක වේ.
