(RIVIRA.LK/Breaking, 2021 January 04, 09.17 A.M.)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 03 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.
එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.
212 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. කළුතර මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 ජනවාරි 03 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර හෘද ආසාදනයක් සහ කොවිඩ් නියුමෝනියාවයි.
213 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 ජනවාරි 03 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය සහ අපස්මාරයයි.
