Local

යුක්‍රේන සංචාරකයින්ගේ පොළොන්නරුව සහ සීගිරිය සංචාර තාවකාලිකව අත්හිටුවයි

(RIVIRA.LK/Breaking, 2021 January 04, 12.11 P.M.)

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් යටතේ පසුගියදා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් සඳහා ජනවාරි 04 සහ 05 වැනි දින යොදා තිබු පොළොන්නරුව සහ සිගිරිය සංචාර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

යුක්රේන ජාතිකයන්ගේ මෙම සංචාරය හමුවේ අදාළ ස්ථාන තෝරාගත් කාලසීමාවලදී දේශීය සංචාරකයන් වෙනුවෙන් වසා තැබීමටද නියමිතව තිබුණි. කෙසේවෙතත් මෙම අවලංගු කිරීම හමුවේ දේශීය සංචාරකයන්ට කිසිදු බාධාවකින් තොරව එම ස්ථාන නැරඹීමට මේ වනවිට අවස්ථාව ඇත.

මේ අතර, යුක්රේන සංචාරකයන්ගේ මහනුවර සංචාරය අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top