Local

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. ළමුන් 8ක් ඇතුළු 14කට තුවාලයි

(RIVIRA.LK/Breaking, 2021 January 04, 11.43 A.M.)

හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේදී ජනවාරි 03 වන දින රාත්‍රියේ වෑන් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. හපුතලේ සිට බලංගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ ගමන් ගත් ළමුන් 08 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් තිදෙනෙකු වන අතර තුවාල ලැබූ පිරිස හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් හපුතලේ ලිප්ටන් සීට් නැරැඹුම් මධ්‍යස්ථානයේ සංචාරයක ගොස් ආපසු එමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top