Local

හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සියලුම පළාත්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

(RIVIRA.LK/Breaking, 2021 January 04, 02.04 P.M.)

බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ සියලුම පළාත්වල පාසල්වල 11 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන කටයුතු ජනවාරි 25 වැනි දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල 11 ශ්‍රේණිය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ජනවාරි 04 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා, “සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැනටමත් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ වසරේ මාර්තු 01 සිට මාර්තු 11 දක්වා. මෙම විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා 11 වන ශ්‍රේණියේ පන්ති පටන් ගන්න විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි අනිවාර්යයෙන් ප්‍රමුඛතාව දිය යුතුයි. බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි අදහස් කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි අවසානය වනවිට නිකුත් කිරීමට අපි සෑම ප්‍රයත්නයක්ම දරනවා.”

“දිවයිනේ සෙසු පළාත්වල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් හැර අනික් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති විවෘත කෙරෙනවා, ජනවාරි 11 වනදා. එම කොන්දේසියටම යටත්ව පෙරපාසල් ද යළි ආරම්භ වෙනවා. මේ සියල්ලක්ම කරන්නේ විස්තර සහිත සැලැස්මක් අනුව. බහුතරයක් පාසල්වල විශයමාලා නිර්දේශයෙන් තුනෙන් දෙකක් පමණ ආවරණය වෙලා තියෙන්නේ. ඉතිරි කොටස 2021 පළවෙනි වාරයේ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top