Local

කළුතර සහ මාතලේ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 02ක් වාර්තා වෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 05, 10.51 P.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 05 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 204 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

216 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මාතලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික් රෝහලේ දී 2021 ජනවාරි මස 03 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදන සමඟ ස්වසන පද්ධතියේ ආසාදනයයි.

217 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි මස 02 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමග ලේ විෂවීම සහ ඇදුම රෝගයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top