(RIVIRA.LK/Breaking, 2021 January 05, 05.48 P.M.)
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන් සඳහා පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි දෙවැනි සතියේ දී බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව, ජනවාරි 11 වන දින පාසල් ආරම්භ කරන්නේ 2 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ජනවාරි 05 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
ඒ අනුව, බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල්වල හැර අනෙක් පාසල් සඳහා ජනවාරි 11 වන දින පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම, ජනවාරි 6,7,8,9 හා 10 යන දිනයන්වලදී දෙමව්පියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු යන සියලු පාර්ශවයන් පාසලට කැඳවා පාසල් මට්ටමින් සෞඛ්‍ය උපදෙස්වලට අදාළ යම් සංශෝධන පිළිබඳව සාකච්ඡා කර ක්‍රියාත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවත් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවත් සියලුම පාසල්වලට දැනුම් දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
