Local

මාවනැල්ලේ බුදු පිළිමයකට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(RIVIRA.LK/Breaking, 2021 January 05, 10.00 A.M.)

මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අසළ තිබූ බුදුපිළිම වහන්සේ නමකට පසුගිය දෙසැම්බර් 28 වන දින රාත්‍රියේ දී හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.

අදාළ සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල පදිංචි ප්‍රියන්ත සම්පත් කුමාර නම් වූ 30 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මොහුට මීට පෙර ද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර මෙම සිද්ධිය කිසිදු අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තමන්ට ප්‍රතිකාර ගැනීම සඳහා පේරාදෙණිය රෝහලට ගොස් කෑගල්ලට පැමිණෙන අවස්ථාවේ දී මෙම සිද්ධිය සිදු කළ බවත් එම ස්ථානයේ තිබී රුපියල් 60ක පමණ මුදලක් ලබා ගත් බවත් සැකකරු විසින් පාපොච්චාරණය කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සී.සී.ටී.වී. දත්ත මෙන්ම අනෙකුත් සාක්ෂි උපයෝගී කර ගනිමින් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top