Local

රතන හිමි දිවුරුම් දෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 05, 11.01 A.M.)

සිව්වැනි වරටත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනවාරි 05 වන දින පෙරවරුවේ දී දිව්රුම් දෙනු ලැබුවා.

පසුගිය වසරේ අගෝස්තු 05 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම ගැසට් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වර්ෂයේ දී ප්‍රථම වරට පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මේ වන විට, පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක් එක් දේශපාලන පක්ෂවලට හිමි වූ පාර්ලිමේන්තු ආසන අනුව මන්ත්‍රීවරුන් 224 දෙනෙකු දිව්රුම් දී අවසන්. පුරප්පාඩුව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පමණකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top