Local

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 02ක් වාර්තා වේ

(RIVIRA.LK/Breaking, 2021 January 05, 09.15 A.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 04 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 202 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

214 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ දී 2021 ජනවාරි 02 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 හේතුවෙන් ශ්වසන පද්ධතියේ ආසාදනය සහ සංකූල වූ පෙනහලු ආසාදනයයි.

215 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී 2021 ජනවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top