(RIVIRA.LK/Breaking, 2021 January 06, 01.02 P.M.)
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටි තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ, අදාළ ආසාදිත සේවකයාගේ ආශ්‍රිතයින් හඳුනාගෙන පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් තැපැල් කාර්යාල පරිශ්‍රය විෂබීජහරණය කිරීමටත් පියවර ගෙන ඇති බවයි. එම කටයුතු අවසන් වීමෙන් පසුව නැවත තැපැල් කාර්යාලය විවෘත කිරීමේ දිනය පිළිබඳව තීරණය කරන බව ද තැපැල්පති සඳහන් කරයි.
