Local

බස් සංගම් ලබන 18 වනදා වැඩ වර්ජනයකට සැරසෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 06, 05.56 P.M.)

බස් සංගම් ඒකාබද්ධව ලබන ජනවාරි 18 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනවාරි 06 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් ලබන ජනවාරි 15 වන දින වන විට එම ගැටලුවලට විසඳුම් ලබා නොදුන්නහොත් සියලුම බස් රථ සංගම් ඒකාබද්ධව ලබන ජනවාරි 18 වන දා සිට අඛණ්ඩව වර්ජනයක නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ඇතුළු පිරිසක් සහභාගි විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top