Local

මුඛ ආවරණ නොමැතිව සිටි 1060කට පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කරයි

(RIVIRA.LK/Breaking, 2021 January 06, 12.03 P.M.)

බස්නාහිර පළාත තුළ පමණක් මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1060 දෙනෙකු පමණ ජනවාරි 05 වන දින කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.

එම පිරිස අතරින් 550 දෙනෙකු රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එයින් 14 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. තවත් 510 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල ජනවාරි 06 වන දින ලැබීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top