Local

ලක්ෂ 50ක් වටිනා කහ තොගයක් සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ

(RIVIRA.LK/Breaking, 2021 January 06, 12.54 P.M.)

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කහ කිලෝ 1128ක් පමණ වූ ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෝදර අලුත් මාවත ප්‍රදේශයේ දී මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කහ තොගය කිලෝ 24 බැගින් වූ මලුවල බහා තිබී ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරියක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සැකකරුවන් ජනවාරි 06 වැනි දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top