Local

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට කොවිඩ් මරණ 10 පනී

(RIVIRA.LK/Breaking, 2021 January 06, 10.41 P.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 06 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් – 19 මරණ ප්‍රමාණය 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 206 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

218 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි මස 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

219 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, අලව්ව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි මස 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top