(RIVIRA.LK/Breaking, 2021 January 06, 05.31 P.M.)
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ප්‍රමාණය 39,000 ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන පරිදි මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ ප්‍රමාණය 39, 023ක් වේ.
එමෙන්ම, ජනවාරි 06 වන දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 761 දෙනෙකු සුවය ලබා ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
මේ වන විට, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 45,726ක් වේ. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6486කි. ජීවිතක්ෂයට පත් වූ ගණන 217ක් වේ.
