Local

තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වේ, සමස්ත මරණ ගණන 222ක් දක්වා ඉහළට

(RIVIRA.LK/Breaking, 2021 January 07, 08.30 P.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 07 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 222ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 209 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

220 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මීතිරිගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හා අපස්මාරයයි.

221 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඉරණවිල මූලික රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ද්විතියීක ලේ විෂවීම සහ වකුගඩු ආසාදනයයි.

222 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top