Local

හුදකලා කර ඇති පොලිස් වසම් ගණන 04ක් දක්වා අඩු වෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 07, 10.09 A.M.)

කොටහේන, ආදුරුප්පුවීදිය සහ රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුඳුවත්ත පොලිස් වසමේ 60 – වත්ත ජනවාරි 06 වන දින රාත්‍රියේ සිට හුදකලා බවින් මුදා හැරීමට තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම ප්‍රදේශවල කොවිඩ් – 19 ව්‍යාප්තිය අඩුවීම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

ඒ අනුව, පොලිස් වසම් ලෙස තවදුරටත් හුදකලාව පවතින්නේ මාළිගාවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඞ්පාස් සහ කාත්තන්කුඩි යන පොලිස් වසම් පමණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top