Local

උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්

(RIVIRA.LK/Breaking, 2021 January 08, 10.01 A.M.)

2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top