Featured

කොවිඩ් මරණ 08ක්.. සමස්තය 240ක් දක්වා ඉහළට

(RIVIRA.LK/Breaking, 2021 January 11, 11.07 P.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 08ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 11 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 227 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

2021 ජනවාරි 06 දින මිය ගිය පුද්ගලයින්

01. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

2021 ජනවාරි 07 දින මිය ගිය පුද්ගලයින්

02. රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ දියවැඩියාව තත්ත්වයයි.

2021 ජනවාරි 08 දින මිය ගිය පුද්ගලයින්

03. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී 2021 ජනවාරි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

04. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාරයයි.

2021 ජනවාරි 10 දින මිය ගිය පුද්ගලයින්

05. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

06. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ වකුගඩු රෝගයකි.

07. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර මහ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂ වීමයි.

2021 ජනවාරි 11 දින මිය ගිය පුද්ගලයින්

08. කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මඩකලපුව ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු වැලිකන්ද මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top