Local

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF නිලධාරීන් 30කට කොවිඩ් වැළඳේ

(RIVIRA.LK/Breaking, 2021 January 11, 09.51 A.M.)

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

එහි සාමාජිකයින් කිහිපදෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි 08 වැනි දින නිලධාරීන් 60 දෙනෙකුට පමණ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවන් සිදු කර ඇත. එහිදී එයින් ‍30 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත.

ආසාදිත රෝගීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු කර ඇති අතර තවත් නිලධාරීන් පිරිසකට පිසිආර් පරීක්ෂණ සිදු කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top