Featured

ගත වූ සතිය තුළ මුව ආවරණ නොමැතිව සිටි 2334කට කොරෝනා පරීක්ෂණ කරයි, ඉන් 46ක් ආසාදිතයින්

(RIVIRA.LK/Breaking, 2021 January 12, 09.43 A.M.)

ගත වූ සතිය තුළ දී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 2334 දෙනෙකු පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කළ බව පොලීසිය සඳහන් කරයි. ඒ අතරින් ආසාදිතයින් 46 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වි තිබෙනවා.

එමෙන්ම, ජනවාරි 11 වන දිනයේ දි ද පුද්ගලයින් 121 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.

මේ අතර, ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 2438 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top