Featured

සී.ටී.බී. සිටි බස් රථ සේවාව ලබන සිකුරාදා සිට

(RIVIRA.LK/Breaking, 2021 January 12, 05.02 P.M.)

මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයෙන් ආරම්භ වන සී.ටී.බී සිටි සුඛෝපබෝගී බස් රථ සේවාව ජනවාරි 15 වන දින සිට ආරම්භ වන බව බස් රථ සේවා ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. මෙම සේවාවේ අරමුණ වන්නේ පෞද්ගලික වාහනවලින් රැකියා කරා යන යන ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත යොමු කරවීමයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මහනුවර දී ජනවාරි 12 වන දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයාෙ සඳහන් කළේ, ජනවාරි 15 වනදා අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සී.ටී.බී. සිටි බස් කියන සේවය ආරම්භ වන බවයි. මෙම සුඛෝපභෝගී බස් රථ සේවය තුළ නොමිලේ ‘වයිෆයි’ පහසුකම සලසා ඇති බව ද සඳහන් කළා. එමෙන්ම, බස් රථ තුළ කොරෝනා නොහැදෙන ආලේපනයක් ගල්වා විෂබීජහරණයට ලක් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

එම සේවාව සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘අලුතෙන්ම බඳවා ගත් කොන්දොස්තර සහ රියදුරු මහත්වරු විනයක් ඇතුව ඒ සේවයක් කරන අය. මේකේ ප්‍රධානම කාරණය තමයි ජනතාවට උනන්දු කරනවා තමන්ගේ වාහනයේ ගෙදර ඉඳලා එනවා නම්. ඇවිල්ලා, මේ අපි නම් කරන ස්ථානවල නතර කෙරුවොත්. ඒ නතර කරලා තියෙන ස්ථානවලට පැය 24ම ආරක්ෂාව අපි සපයනවා ලංගම ආරක්ෂක සේවය අංශය විසින්. ඉතින් ඒ රථය ගාල් කරලා තියලා නගරයට යන්න අවශ්‍යතාවය තියෙනවා නම් ට්‍රැෆික් එකේ වාහනය එලවන්නේ නැතිව. තමන්ගේ සේවා ස්ථානයට ගිහිල්ලා තමන්ගේ දේ කරගෙන, නැවතත් වක්‍රාකාරයෙන් මේ මධ්‍යස්ථානය අවට සැරිසරන ඒ වගේම සිටි බස් රථයක නැගලා ආපහු තමන්ගේ රථය තියෙන තැනට ගිහිල්ලා ගන්න පුළුවන්’

විනාඩි 15කට 20කට සැරයක් මේ සිටි බස් රථයක් ධාවනය වෙනවා. මේවා නතර කරන්නේ නැහැ. මේවායේ තියෙන විශේෂත්වය කොහෙවත් දීර්ඝ කාලයක් නතර කරලා තියෙන්නේ නැහැ. මාකුඹුරට ගිහිල්ලා ආපහු එනවා. මේ පැත්තෙන් ගිහිල්ලා ආපහු මාකුඹුරට යනවා. සාමාන්‍යයෙන් යන්නේ බස් රථයේ කීයද ඒ වගේ දෙගුණයක් තමයි අය කිරීම වෙන්නේ. ඒ කියන්නේ අවම ගාස්තුව රු.12ක් නම් මේවායේ 24ක්.

මේවායේ රථගාල් අපි නවත්තන්න හදලා තියෙනවා, අනුමත නැවතුම් ස්ථාන කියලා, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පුළුවන්. නුගේගොඩ, ලේක්හවුස්, බැප්ස්ටියන් මාවත, මරදාන, බත්තරමුල්ල,කොස්වත්ත කියන තලංගම ඩිපෝව, පන්නිපිටිය දුම්රියපොළ, ආපහු මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය. මේ වගේ තමයි ඒ මාර්ග දෙකේම ලෑස්ති කරලා තියෙනවා අනික් අතට ගමන් කරන ඒවා තියෙන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, නුගේගොඩ, නාරහේන්පිට,රීගල් සිනමාව, කොල්ලුපිටිය, බම්බලපිටිය,නුගේගොඩ ආපහු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ මාර්ගවල තමයි අපි පළමුවෙන්ම ආරම්භ කරන්නේ. මේක මෙතනින් නතර කරන්නේ නැ’ යනුවෙන් පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top