Featured

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත වූවෙකු ලංකාවෙන් හමුවෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 13, 12.32 P.M.)

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කරයි.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණවලින් මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා සොයා ගෙන ඇති බව වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

මෙලෙස හඳුනා ගත් ආසාදිතයා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය VUI-202012/01 ලෙස නම් කර ඇත. මෙම වෛරස් ප්‍රභේදය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව සීයයට 50 ක වේගයෙන් ව්‍යාප්තියක් පෙන්නුම් කරන නමුත් රෝග උත්සන්නවීම් අඩු තත්ත්වයක් පෙන්නුම් කරයි.

කෙසේවෙතත්, රෝගය වේගයෙන් පැතිරීමට ඇති හැකියාව නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වීමත් ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත්, රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වීමට හැකියාවක් පවතින බව වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top