Local

මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 250 ඉක්මවා යයි

(RIVIRA.LK/Breaking, 2021 January 15, 12.10 A.M.)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 14 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 251ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 238 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.

248 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහලටත් පසුව හෝමාගම මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

249 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු රෝගයකි.

250 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, ගාල්ල නැගෙනහිර ගිංතොට පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 ජනවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහ සංකූල වූ වකුගඩු රෝහගයක් හා ශ්වසන මාර්ගයේ ආසාදනයකි.

251 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ රුධිරය කැටි ගැසීම, ලේ විෂ වීම, පෙනහලු ආසාදනය සහ අපස්මාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top