,
Daily

කොරෝනා නිසා ඇති වූ රැකියා අවදානම ශ්‍රී ලංකාවටත් බලපෑම් කරයි

Photo: Shutterstock

කොරෝනා වෛරස තත්වය නිසා බොහෝ ව්‍යාපාරවලට පාඩු ලැබීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනකගේ රැකියා අවදානමට පත්ව තිබෙනවා. බොහෝ ආයතනවල සේවකයින් ඉවත් කිරීම හා සේවක වැටුප් කප්පාදුව සිදුකෙරෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ද පුද්ගලික සමාගම් රැසක් මෙම අර්බුධයට මුහුණ දී ඇති බවද වාර්තා වෙනවා. ඒ අතර ඇඟළුම් සමාගම් මෙන්ම සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාගම් ජාලයක් ඇතුළත් වෙනවා.

මෙම තත්වය හේතුවෙන් ඇතැම් සමාගම් මාස තුනකට පෙර සිදුකළ යුතු දැනුම් දීම බොහෝ සේවකයින් ප්‍රමාණයක් වෙත ලබා දී ඇති බවද වාර්තා වන අතර ඔවුන්ගේ රැකියා අවදානම් තත්වයට පත්ව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇති සමාගම් අතර රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන්සේවය ද ඇතුළත් වන අතර එහි සේවක වැටුප 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට තීරණය ගෙන තිබෙන අතර 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමටද ඔවුන් කටයුතු යොදා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top