,
Daily

පසු ගිය පැය 24 තුළ නව ආසාදිතයින් නෑ, සුව වන මට්ටම ඉහලට

අප්‍රේල් 10 දින සවස 5.30 දක්වා කිසිඳු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර ඉන් 50 දෙනෙකු සුවය ලබා තිබෙනවා. එය 26%ක ප්‍රතිශතයක් වන අතර අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක්ද වේ. මිය ගිය ගණන 7ක් වන අතර එය 3.7%ක ප්‍රතිශතයක් වේ.

මේ වන විට වෛරස පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගැනීමේදී රෝහල්වල සිටින රෝගීන්ට අමතරව සමාජයේ නියැදි සාම්පල් ලබාගැනීම සිදු කරන බවත් එමගින් දිනකට පරීක්ෂා කරනු ලබන සම්පල් ප්‍රමාණය වැඩිකර තිබෙන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top