,
Daily

කොවිඩ්-19 මැඩලීමේ අරමුදලේ ශේෂය මිලියන 600 ඉක්මවයි

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු හරහා මෙම අරමුදලට මුදල් ලැබී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින රුපියල් මිලියන 100ක ආරම්භක තැන්පතුවක් සමග ස්ථාපනය කරන ලදී.

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර් ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම- ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී ( ThichVien Ly) ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000ක මුදලක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයේ සඳහන්.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙයි. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

නීත්‍යානූකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

දුරකථන අංක 011–2354479 / 011–2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙල අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top