,
Daily

කන්න තියෙන එළවලු භූමිතෙල් දමා විනාශ කළ එජාප නගරාධිපතිට දැඩි විරෝධයක්

බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එලවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පැල්මඩුල්ල හා රත්නපුර හරහා ගමන් කිරීම තහනම් කර තිබීම හේතුවෙන් බලංගොඩ නගරයේ දී අදාළ එළවලු තොගය අලෙවි කිරීමට පියවර ගෙන තිබිණි.

එහෙත් එක්වරම එහි පැමිණි බලංගොඩ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් එම එලවලු තොගය භූමිතෙල් දමා විනාශ කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබේ. අදාළ චෝදනාව එල්ල වෙන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලංගොඩ නගර සභාවට තේරී පත්වී එහි නගරාධිපතිධූරය දරන චමික වැවේගෙදර නැමැත්තෙකුටයි.

එම ලොරිය තිබූ ස්ථානයට ගොස් ඇති අදාළ නගරාධිපතිවරයා කිසිඳු දැනුම්දීමකින් තොරව ඔහු විසින්ම භූමි තෙල් හලා එම එලවලු විනාශ කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබේ.

ලෝකය පුරාම ආහාර අර්බුධයක් ඇති වී තිබෙන මොහොතක මෙවැනි ක්‍රියාවක් සිදුකර ආහාර විනාශ කිරීමට කටයුතු කිරීම හා බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ අදාළ නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබෙනවා. බොහෝ දෙනෙකු එය හඳුන්වන්නේ “අශිෂ්ඨ ක්‍රියාවක්” ලෙසිනි.

මේ පිළිබඳ එම එලවලු වෙළඳුන් පවසන්නේ එම එලවලු තොගයට භූමි තෙල් දමා ගිනි තැබීමෙන් තොරව නගරයෙන් පිටව යන්නැයි ප්‍රකාශ කළා නම් එම එලවලු තොගය අවශ්‍යතාවක් තිබූ පුද්ගලයන්ට හෝ සතෙකුට ආහාර වශයෙන් දිය හැකිව තිබූ බවයි.

සමාජ ජාල ක්‍රියාකාරීන් ඉල්ලා සිටින්නේ අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. දර්ශන අනුග්‍රහය හිරු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top