,
Daily

අත්‍යවශ්‍ය සේවා සපයන ජනපති බලකාය එය අවුල් කළා, චරිත දේශපාලන වාසි ගන්නවා, සජිත් පිලෙන් මැකොට පැමිණිලි

අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී ලෙස කටයුතු කරන මහාචාර්ය චරිත හේරත්ට එරෙහිව සමගි ජනබලවේගයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ චරිත හේරත් එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි ලබා ගැනීම සඳහා යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට චෝදනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මගිනි.

පොදුජන පෙරමු‍ණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස කටයුතු කරමින් චරිත හේරත්, ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර අයුතු ප්‍රචාරක වාසි ලබා ගන්නා බවද එම ලිපිය මගින් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.

එසේම ලංකාවේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවුල් ජාලාවක් බවට පත් කොට ඇති බවටද සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් පක්ෂයේ මහලේකම්වරයා යොමු කළ එම ලිපියෙන් චෝදනා කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණය කොමිෂන් සභාවට යොමුකළ ලිපිය පහත දැක්වේ.

පොදුජන පෙරමු‍ණේ ජාතික ලැයිස්තු අපේක්ෂක චරිත හේරත් ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර අයුතු ප්‍රචාරක වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලයි.

  1. මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය රැකියාවෙන් ඉවත් නොවී පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දී ඇත.
  2. ඔහු මේ වන විට ලංකාවේ වඩාත්ම බලපෑම්කාරී නමුත් භාණ්ඩ බෙදා හැරීම් ක්‍රියාවලිය එකම අවුල් ජාලාවක් බවට පත් කොට ඇති ‘ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වේ.
  3. මෙම තත්ත්වය රටම දන්නා විවෘත කරුණක් බැවින්, මෙය වහා නිවැරදි කිරීම සදහා කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට හිතවත්,
රංජිත් මද්දුම බණ්ඩාරමහලේකම්
සමගි ජන බලවේගය

මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන මහාචාර්ය චරිත හේරත් කියා සිටින්නේ “අප හදට ඇගිල්ල දිගු කොට හද පෙන්නද්දී සමහරු බලන්නේ ඒ දෙස නොව ඇගිල්ල දෙස යැයි කියමනක් තිබේ. වසංගතයයෙන් රට බේරන්නට අපි මහන්සි වෙද්දී සමහරු බලන්නේ ඒ දෙස නොව ඒ මහන්සියේ දේශපාලන වාසියක් තිබේදැයි කියාය” යනුවෙන් කියා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top