,
Daily

Breaking: ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 200 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 12 ඉරිදා පස්වරු 2 වන විට 203 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ නව ආසාදිතයින් 4ක් තහවුරු වී තිබීමත් සමගයි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 11 දිනයේ හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන දෙදෙනෙකු වේ. අප්‍රේල් 12 ඉරිදා පස්වරු 2 වන තෙක් දිනය තුළ සුවය ලබා පිටවූවන්‌ ‌2ක් වාර්තා වන අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 56කි. සක්‍රීය ආසාදිතයින් ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

මේ අතර අප්‍රේල් 12 දින පෙරවරු 10 වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 45 දක්වා ඉහළ ගොස් ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 28ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23ක්ද, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 7 බැගින්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 2ක්ද, ගාල්ල, කෑගල්ල, මඩකලපුව හා බදුල්ලෙන් එක් රෝගියෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 37 දෙනෙකුද ආසාදිතයින් අතර සිටී. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top