,
Daily

කළුතර අටළුගම විවෘත කර වෙනත් ගම් දෙකක් හුදෙකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, අටළුගම ග්‍රාමය හුදෙකලා කර තිබීම අවසන් කර තිබෙනවා. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් 13 දින මේ බව අනාවරණය කළා. ඔහු පැවසුවේ බේරුවල බලප‍්‍රදේශයට අයත් පන්විල සහ චීන කොරටුව යන ග්‍රාමයන් දෙක තවදුරටත් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අටළුගමින් හමුවී පළමු ආසාදිතයා ඇසුරු කළ පිරිසට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අප්‍රේල් 13 දින පිටවගිය බව නාවික හමුදාව පැවසුවා. මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට පෙර පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කොට වෛරසය වැළඳී නැති බව තහවුරු කරගෙන තිබෙනවා.

අප්‍රේල් 13 වන විට අදාළ මධ්‍යස්ථානයේ නිරෝධානයන වෙමින් සිටි පුද්ගලයින් 57 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර තවත් ශ්‍රී ලාංකිකයින් 32 ක් ඇතුළු විදේශිකයින් කිහිප දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද නාවික හමුදාව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top